චූල යමක වර්ගය
පහත තිබෙන සුත්‍ර දෙසනවා මත click කර සුත්‍ර දෙසනව ශ්‍රවණය කරන්න.ඔබට තෙරුවන් සරණයි!!!
මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහා භික්ෂු සංඝයා සමග කෙසොල් ජනපදයෙහි හැසිරෙන සේක් කොසලයන්ගේ සාල නම් බමුණු ගම යම් තැනෙක්හිද එහි වැඩියහ. සාල ගම්වැසිවූ බ්‍රාහ්මණ ගෘහපතියෝ ‘ශාක්‍ය පුත්‍රවූ, ශාක්‍ය වංශයෙන් පැවිදිවූ ශ්‍රමණ භවත් ගෞතමතෙමේ මහත් භික්ෂු සමූහයා කැටිව කොසොල් දනව්වෙහි හැසිරෙනසේක් සාල නම් ගමට පැමිණියහ’යි ඇසුවාහුය. ඒ භවත් ගෞතමයින්ගේ මෙබඳුවූ යහපත්වූ කීර්ති ශබ්දයක් උස්ව නැංගේ වෙයි.
මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ අනේපිඩු මහසිටුහු විසින් කරවනලද ජෙතවන නම් ආරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි වෙරඤ්ජා පුරවැසි බ්‍රාහ්මණ ගෘහපතියෝ කිසියම් කටයුත්තක් සඳහා සැවැත්නුවර වෙසෙත්. වෙරංජක බ්‍රාහ්මණ ගෘහපතියෝ ‘ශාක්‍ය පුත්‍රවූ ශාක්‍ය වංශයෙන් පැවිදිවූ ශ්‍රමණ භවත් ගෞතම තෙම සැවැත් නුවර අනේපිඩු මහ සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසතියි ඇසුවාහුය. ඒ භවත් ගෞතමයින්ගේ මෙබඳුවූ යහපත්වූ කීර්ති ශබ්දයක් උස්ව නැංගේ වෙයි.
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ, අනේපිඩු මහ සිටුහු විසින් කරවන ලද ජෙතවන නම් විහාරයෙහි වැඩ වාසය කරති. එකල්හි ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි පලසමවතින් නැගීසිටියේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට ගියහ. ගොස්, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථාකොට නිමවා එකපැත්තක උන්හ. එකපැත්තක උන්නාවූ ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරයන් වහන්සේ, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙසේ කීහ.
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම්වූ, වේලුවනාරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි, විසාඛනම් උපාසක තෙම ධම්ම දින්නා නම් මෙහෙණිය යම් තැනෙක්හිද, එතැනට ගියේය. ගොස් ධම්මදින්නා මෙහෙණියට වැඳ එක් පැත්තක උන්නේය. එක් පැත්තක උන්නාවූ විසාඛ උපාසක තෙම ධම්මදින්නා මෙහෙණියට මෙසේ කීයේය.
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඩු සිටුහු විසින් කරවන ලද ජෙතවන නම් ආරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්ෂූන්ට කථා කළහ. “ස්වාමීනි”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.
මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඩු සිටුහු විසින් කරවනලද ජෙතවන නම් ආරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි භික්ෂූන්ට කථා කළහ. “ස්වාමීනි”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවනලද ජෙතවන නම් විහාරයෙහි වැඩ වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි භික්ෂූන්ට කථා කළහ. “ස්වාමීන්වහන්ස”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර ඝොසිත නම්වූ ආරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි කොසඹෑ නුවර භික්ෂූහු හටගත් ඩබර ඇතිව, හටගත් කෝලාහල ඇතිව, විවාද කර ගනිමින් එකිනෙකා වචන නමැති ආයුධවලින් ඇනගනිමින් වාසය කරති. ඔවුහු එකිනෙකාට ඇත්ත පෙන්නාදී කරුණු පැහැදිලි නොකරති. පැහැදිලි කළත් නොපිළිගනිති.
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේ පිඩු මහ සිටාණන් විසින් කරවන ලද ජේතවන නම් ආරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි භික්ෂූන්ට කථා කළහ. ඒ භික්ෂූහු ‘ස්වාමීනි’යි භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ භගුනම් දනව්වෙහි, සුංසුමාරගිරි නම් නුවර, භෙසකලා නම් වනයෙහි වාසය කරති. එකල්හි මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ එළිමහනෙහි සක්මන් කරමින් සිටියහ. එකල්හි පාපීවූ මාරතෙම මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේගේ කුසට ඇතුල්වූයේ, ආමාශය ඇතුළට වැදුනේ වෙයි. ඉක්බිති මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේට මෙසේ සිතුනේය. කුමක් හෙයින් මාගේ කුස උඳුබත් කෑ කලෙක මෙන් බරට දැනේද, (කියාය) ඉක්බිති ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ සක්මනින් බැස විහාරයට වැඩ පැණවූ අස්නෙහි, වැඩ හුන්නේය, වැඩහිඳ ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ තමා ගැන කල්පනා කළහ.