ගෘහපති වර්ගය

පහත තිබෙන සුත්‍ර දෙසනවා මත click කර සුත්‍ර දෙසනව ශ්‍රවණය කරන්න.ඔබට තෙරුවන් සරණයි!!!

මා විසින් (මේ සූත්‍රය) මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ “චම්පානම්” නුවර ගර්ගරා නම් පොකුණු ඉවුරෙහි මහත්වූ භික්ෂු සංඝයා සමග වැඩ වාසය කරති. එකල්හි පෙස්ස නම්වූ හස්ත්‍යාරොහක පුත්‍ර (ඇතුන් බලන්නාගේ පුත්‍ර) තෙමේද කන්දරක නම්වූ පරිබ්‍රාජක තෙමේද භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය. පැමිණ පෙස්ස නම් ඇතරුපුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක පැත්තක හුන්නේය. කන්දරක නම් පිරිවැජියාද භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටු විය යුතු වූ සිහි කටයුතුවූ කථාව කොට නිමවා එක පැත්තක සිටියේය. එක පැත්තක සිටියාවූ කන්දරක නම් පිරිවැජි තෙමේ නිශ්ශබ්දවූ භික්ෂු සංඝයා දෙස බලා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය. “භවත් ගෞතමයන් වහන්ස, ආශ්චර්‍ය්‍යයෙක, (අසුරු ගැසීමට සුදුසුය) භවත් ගෞතමයන් වහන්ස, අද්භූතයෙක, (නුවූවිරූ දෙයක) භවත් ගෞතමයන් වහන්සේ විසින් ඉතා හොඳින් භික්ෂු සංඝතෙම පිළියෙල කරන ලද්දේය.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ විශාලා මහනුවර සමීපයෙහි බෙලුව නම් ගම වැඩ වාසය කරති. එකල්හි අට්ඨකනම් නුවර වැසිවූ දසම නම් ගෘහපති තෙම කිසියම් කටයුත්තක් සඳහා පැලළුප් නුවරට පැමිණියේ වෙයි. ඉක්බිති අට්ඨකනම් නුවර වැසි දසම නම් ගෘහපතිතෙම කුක්කුටාරාමය (කුක්කුට නම් සිටුහු විසින් කරවන ලද හෙයින් එනම්වූ ආරාමය) යම් තැනෙක් හිද, එක්තරා භික්ෂු නමක් යම් තැනෙකද එතනට ගියේය. ගොස් ඒ භික්ෂුවට වැඳ එක් පැත්තක උන්නේය. එක් පැත්තක උන්නාවූ දසම නම් අට්ඨක නුවර වැසි ගෘහපති තෙම ඒ භික්ෂුවට මෙසේ කීයේය.

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයන්හි කිඹුල්වත් පුරයෙහිවූ නිග්‍රොධාරාමයෙහි වැඩවාසය කළහ. එකල්හි කිඹුල්වත් පුරවැසි ශාක්‍ය රජුන්ගේ අලුත කරවනලද අලුත්වූ සන්ථාගාරශාලාව මහණෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ මනුෂ්‍යවූ කිසිවෙකු විසින් හෝ වාසය නොකරන ලද්දේ වෙයි. ඉක්බිති කිඹුල්වත් පුරවැසි ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක් හිද එතැනට ගියහ. ගොස් භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පැත්තක හුන්හ. එක්පැත්තක හුන්නාවූම කිඹුල්වත් පුරවැසි ශාක්‍යයෝ භාග්‍ය වතුන් වහන්සේට මෙසේ කීහ. “ස්වාමීනි, මෙහි කිඹුල්වත් පුර වැසි ශාක්‍යයන්ගේ අලුත කරවනලද අලුත්වූ සන්ථාගාර ශාලාව මහණෙකු විසින් හෝ බමුණෙකු විසින් හෝ කිසියම් මිනිස්වූවෙකු විසින් හෝ වාසය නොකරන ලද්දේය. ස්වාමීනි එය භාග්‍යවතුන් වහන්සේ පළමුකොට පරිභොග කෙරේවා භාග්‍යවතුන් වහන්සේ විසින් පළමු කොට පරිභොග කරන ලද, ස්නාථාගාර ශාලාව පසුව කිඹුල්වත්පුර වැසි ශාක්‍යයෝ පරිභොග කරන්නාහුය. එය කිඹුල්වත්පුරවැසි ශාක්‍යයන්ට බොහෝ කලක් හිත පිණිස, සැප පිණිස, වන්නේයයි” (කීහ)

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ අංගුත්තරාප නම් ජනපදයෙහි අංගුත්තරාප නම් දනව් වැස්සන්ගේ ආපණ නම් නියම් ගමෙහි වැඩ වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු වේලෙහි හැඳපෙරවා පාසිවුරු ගෙන ආපන නම් නියම් ගමට පිඩු පිණිස වැඩියහ. ආපණ නම් නියම් ගමෙහි පිඩු පිණිස හැසිර බතින් පසු කාලයෙහි පිණ්ඩපාතයෙන් වැලකුනේ එක්තරා වන ලැහැබක් යම් තැනෙක්හිද එතැනට දිවා විහරණය (දවල් විවේකය) පිණිස වැඩියහ.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර (කුමාරයෙකු විසින් පොෂණය කරන ලද හෙයින්) කෝමාරභච්ච නම්වූ ජීවකයන්ගේ අඹ උයනෙහි (කරවන ලද විහාරයෙහි) වැඩ වාසය කරති. එකල්හි වනාහි ජීවක නම් කොමාරභච්ච තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක සිටියේය. එක් පැත්තක සිටි ජීවක නම් කොමාර භච්චතෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, මා විසින් මෙය අසනලදී. ‘ශ්‍රමණ ගෞතමයන් උදෙසා සතුන් මරත්, ශ්‍රමණ ගෞතම තෙමේ දැන ගෙන උදෙසා කරන ලද (තමන් පිණිස කරනලද) ඒ මාංසය වළඳන්නේය’ යනුයි. ස්වාමීනි, යම් ඒ කෙනෙක් මෙසේ කීවාහුද? ‘ශ්‍රමණ ගෞතමයන් උදෙසා සතුන් මරත්. ශ්‍රමණ ගෞතමතෙමේ දැනගෙන උදෙසා කරනලද ඒ මාංසය වළඳන්නේයයි’ (කියායි) ස්වාමීනි, කිමෙක්ද ඔවුහු භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද්දක් කියන්නාහුද? භාග්‍යවතුන් වහන්සේට බොරුවෙන් දොස් නොකියත්ද? භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද කාරණයට අනුව කරුණු කියත්ද? කිසියම් කරුණු සහිතවූ වාදානුවාදයෙක් ගැරහියයුතු තැනට නොපැමිණේදැයි” (ඇසීය)

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ නාලන්දා නම් නුවර පාවාරික නම් සිටුහුගේ අඹ උයනෙහි කරවනලද විහාරයෙහි වැඩ වාසය කළහ. එකල්හි වනාහි නිගණ්ඨනාත පුත්‍රතෙමේ මහත්වූ නිගණ්ඨ පිරිසක් සමග නාලන්දා නුවර වාසය කරයි එකල්හි දීඝතපස්සී නම් නිගණ්ඨතෙම නාලන්දා නුවර පිඩු පිණිස හැසිර පසු බත් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැලකුනේ පාවාරික නම් අඹ උයන යම් තැනෙක්හිද, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට ගියේය. ගොස් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවූයේය. සතුටුවිය යුතුවූ සිහිකට යුතුවූ කථාව කොට නිමවා එක්පැත්තක සිටියේය. එක පැත්තක සිටියාවූම දීඝතපස්සී නම් නිගණ්ඨයාට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. “තපස්සීය, ආසන ඇත්තාහ. ඉදින් කැමැත්තෙහි නම් හිඳ ගනුවයි” (කීහ.) මෙසේ කී කල්හි දීඝතපස්සී නම් නිගණ්ඨ තෙම එක්තරා මිටි අස්නක් ගෙණ එක් පැත්තක වාඩිවිය. එක් පැත්තක උන්නාවූ දීඝතපස්සී නම් නිගණ්ඨයාට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.
“තපස්සීය, නිගණ්ඨනාත පුත්‍රතෙම පාපකර්මය කිරීම පිණිස පාපකර්මයාගේ පැවැත්ම පිණිස කෙතෙක් කර්ම පනවාදැයි (දක්වාදැයි ඇසූහ.) ”

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොලිය ජනපදයෙහි ‘හළිද්ද වසන’ නම් කොලිය ජනපද වාසීන්ගේ නියම්ගමක් වේ. (එය ගොදුරු ගම්කොට) වැඩවෙසෙන සේක.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහිවූ ලෙහෙනුන්ට වැටුප් දුන් හෙයින් කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙන සේක. එකල්හි වනාහී අභය නම් රාජකුමාර තෙම නිගණ්ඨනාත පුත්‍රතෙම යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ නිගණ්ඨනාත පුත්‍රයාට වැඳ එක පැත්තක හුන්නේය. එක පැත්තක හුන්නාවූ ම අභය නම් රාජකුමාරයාට නිගණ්ඨනාත පුත්‍රතෙම මෙය කීයේය. “රාජකුමාරය, එව, නුඹ ශ්‍රමණ ගෞතමයන්ට වාදයක් ආරෝපනය කරව, (දොසක් නගව) ‘අභය නම් රාජකුමාරයා විසින් මෙසේ මහත් ඍද්ධි ඇති මෙසේ මහත් ආනුභාව ඇති ශ්‍රමණ ගෞතමයන් හට වාදාරෝපනය කරන ලද්දේයයි’ මෙසේ තොපගේ යහපත් ගුණ ඝොෂණයක් පැන නගින්නේය.”

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ ජේතවන නම් අනේපිඩු මහ සිටුහුගේ ආරාමයෙහි වැඩ වෙසෙන සේක. එකල්හි වනාහී (වෑය, පොරොව, නියන, මිටිය, දැලිනූල යන අංග පසකින් යුක්ත හෙයින්) පඤ්චකංග නම්වූ (දෙටු) වඩු තෙම ආයුෂ්මත් (පණ්ඩිත) උදායි ස්ථවිර තෙමේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් උදායි ස්ථවිරයන්ට වැඳ, එක පැත්තක හුන්නේය. එක පැත්තක හුන්නාවූම පඤ්චකංග නම් වඩුතෙම ආයුෂ්මත් උදායි ස්ථවිරයන්ට මෙය කීයේය. “ස්වාමීනි, උදායි ස්ථවිරයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් කෙතෙක් වේදනාවෝ වදාරණ ලද්දාහුද?”

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනව්වල මහත්වූ භික්ෂූ සංඝයා සමග සැරිසරා වඩනාසේක් කොසොල් දනව් වැස්සන්ගේ ශාලානම් බමුණුගම යම් තැනෙක්හිද එතැනට වැඩිසේක. ශාලානම් ගම්වැසි බ්‍රාහ්මණ ගෘහපතීහු ශාක්‍යපුත්‍රවූ ශාක්‍ය වංශයෙන් පැවිදිවූ ශ්‍රමණ භවත් ගෞතම තෙම වනාහී කොසොල් දනව්වල මහත්වූ භික්ෂු සංඝයා සමග සැරිසරණසේක් ශාලානම් ගමට පැමිණියේ වෙයි. ඒ භවත් ගෞතමයන්ගේ මෙබඳු යහපත්වූ කීර්ති ශබ්දයක් උස්ව නැංගේ වෙයි.