අනුපද වර්ගය
පහත තිබෙන සුත්‍ර දෙසනවා මත click කර සුත්‍ර දෙසනව ශ්‍රවණය කරන්න.ඔබට තෙරුවන් සරණයි!!!
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජෙත නම් රජකුමරහුගේ උයනෙහි අනේපිඬු සිටුතුමා විසින් කරවනලද ආරාමයෙහි (ජේතවනාරාමයෙහි) වැඩ වසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ කියා භික්ෂූන්ට කථාකළසේක. ඒ භික්ෂූහු ‘ස්වාමීනි,’යි භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැන් නුවර අනේපිඩු සිටුහු විසින් කරවන ලද ජෙතවනාරාමයෙහි වැඩවසනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි,” කියා භික්ෂූන්ට කථාකළසේක. “ස්වාමීනියි” ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. “මහණෙනි, තොපට සත්පුරුෂ ධර්මයද අසත්පුරුෂ ධර්මයද දෙශනාකරන්නෙමි. එය අසව්, මැනවින් මෙනෙහි කරව්, දෙශනා කරන්නෙමි”යි කියායි ‘ස්වාමීනි, එසේයයි’ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඬුසිටුහු විසින් කරවන ලද ජෙතවනාරාමයෙහි වැඩ වසනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි,’යි කියා භික්ෂූන්ට කථා කළසේක. ස්වාමීනි,’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. “මහණෙනි, මම තොපට සේවනය කළ යුතුවූද, සේවනය නොකළ යුතුවූද, ධර්ම ක්‍රමයක් දෙශනා කරන්නෙමි. එය මැනවින් අසව්, මැනවින් මෙනෙහි කරව්. දෙශනා කරන්නෙමි”යි කියායි. “එසේය ස්වාමීනි”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඩු සිටුහු විසින් කරවනලද ජෙතවනාරාමයෙහි වැඩ වසනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි, කියා භික්ෂූන්ට කථා කළහ. ‘ස්වාමීනි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ඉසිගිලි පර්වතයෙහි වැඩ වසනසේක. එහිදී වනාහි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි භික්ෂූන්ට කථාකළසේක. “ස්වාමීනි”යී ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
මා විසින් මෙසේ අසන ලදී. එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජෙතවනාරාමයෙහි වැඩ වසනසේක. එහිදී වනාහි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්ෂුන්ට කථාකළ සේක. ඒ භික්ෂූහු ‘ස්වාමීනි’යි භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
මා විසින් මෙසේ අසන ලදී. එක් කලක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ පූර්වාරාමයේ “මිගාර මාතු” නම් ලත් ප්‍රාසාදයෙහි බොහෝ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ ස්ථවිර ශ්‍රාවකයන් සමග වැඩ වෙසෙති. (එනම්,) ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන්ද, ආයුෂ්මත් මහා මෞත්ගල්යායන ස්ථවිරයන්, ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන්ද, ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන්ද, ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරයන්ද, ආයුෂ්මත් මහා කප්පින ස්ථවිරයන්ද, ආයුෂ්මත් මහා චුන්ද ස්ථවිරයන්ද, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්ද, ආයුෂ්මත් රෙවතස්ථවිරයන්ද, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ද, අනිකුත් ප්‍රසිද්ධ ප්‍රසිද්ධ ස්ථවිර ශ්රාවකයන්ද, සමගය. එකල්හි වනාහි ස්ථවිර භික්ෂුහු අළුත මහණවූ භික්ෂූන්ට අවවාද කරති. අනුශාසනා කරති. ඇතැම් ස්ථවිර භික්ෂූහු, භික්ෂූන් දස නමකටද, අවවාද කරති, අනුශාසනා කරති. ඇතැම් ස්ථවිර භික්ෂූහු, භික්ෂූන් විසි නමකටද අවවාද කරති, අනුශාසනා කරති. ඇතැම් ස්ථවිර භික්ෂුහු, භික්ෂූන් තිස් නමකටද අවවාද කරති, අනුශාසනා කරති. ඇතැම් ස්ථවිර භික්ෂූහු, භික්ෂූන් හතලිස් නමකටද අවවාද කරති, අනුශාසනා කරති. ස්ථවිර භික්ෂූන් විසින් අවවාද කරනු ලබන්නාවූ අනුශාසනා කරනු ලබන්නාවූ ඒ අළුත මහණවූ භික්ෂුහුද සිල් පිරීම් ආදි පළමු විශෙෂයන්ට වඩා මහත්වූ කසිණ භාවනාදී විශෙෂයෙන් දැනගනිති.
මා විසින් මෙසේ අසන ලදී. එක් කලක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වෙසෙති. එකල්හි සවස් වරුවෙහි පිණ්ඩපාතයේ යාමෙන් වැළකුණාවූ, උපස්ථාන සාලාවෙහි (ආගන්තුකාදීන්ට සත්කාරකරන ශාලාවෙහි) රැස්වී වැඩහුන්නාවූ, බොහෝ භික්ෂූන් අතරෙහි මේ අතුරු කථාව ඇතිවීය. ‘(දතයුතු සියල්ල) දන්නාවූ (දැක්ක යුතු සියල්ල) දක්නාවූ, අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් යම් වඩන ලද්දාවූ, පුරුදු කරන ලද්දාවූ, කායගතා සතියක් මහත්ඵල ඇත්තීයයි මහානිසංස ඇත්තී යයි වදාරණ ලද්දේද, ඇවැත්නි, එය ආශ්චර්‍ය්‍යයකි, ඇවැත්නි, එය පුදුමයකි, යනුයි. ඒ භික්ෂූන්ගේ, මේ අතුරු කථාව අවසාන නොවූයේ වේද, එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි ඵලසමාපත්තියෙන් නැගී සිටියේ (ආගන්තුකාදීන්ට) සත්කාර කරන ශාලාව යම් තැනෙක්හිද, එතැන්හි වැඩිසේක. වැඩ පනවන ලද ආසනයෙහි වැඩහුන් සේක. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට කථාකළහ. “මහණෙනි, දැන් වනාහි කිනම් කථාවකින් යුක්තව හුන්නාහුද? ඔබලාගේ කිනම් අතුරු කථාවක් අවසන් නොවූයේ දැයි” ඇසූහ.
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරති. එහිදී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, කියා භික්ෂූන්ට ආමන්ත්‍රණය කළහ. ඒ භික්ෂූහු ‘භාග්‍යවතුන් වහන්සේ යැයි’ උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. “මහණෙනි, (මම) තොපට සංස්කාරයන්ගේ ඇතිවීම දේශනා කරන්නෙමි. එය අසව්, මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි.” “එසේය ස්වාමීනියි” ඒ භික්ෂූහු උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.