චතුක්ක නිපාතය සහ පංචක නිපාතය

පහත තිබෙන සුත්‍ර දෙසනවා මත click කර සුත්‍ර දෙසනව ශ්‍රවණය කරන්න.ඔබට තෙරුවන් සරණයි!!!

චතුක්ක නිපාතය 

1. භද්‍රාකාපිලානී ථෙරී ගාථා

“සර්වඥයන් වහන්සේගේ පුත්‍රවූ, ආර්ය දායාදය ඇත්තාවූ සමාධිගත සිත් ඇති පෙර විසූ කඳ පිළිවෙළ දන්නාවූ දෙව්ලොව අපාය දක්නාවූ නොඉපදීම නම්වූ අර්හත්වයට පැමිණියාවූ විශිෂ්ට ඥානයෙන් ධර්මයන් දක්නාවූ මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ නිශ්ශබ්දතා ගුණයෙන් යුක්ත මේ ත්‍රිවිද්‍යාවෙන් යුත් බ්‍රාහ්මණයෙකි. (පව් දුරු කෙළේයි.)

පංචක නිපාතය

1. අප්‍රකට ථෙරී ගාථා

 “යම්හෙයකින් පැවිදිව විසිපස් වසක් මුළුල්ලෙහි අසුරු ගසන පමණකුදු සිතේ සන්සුන් කමක් නොලදිමි.

“මම, එසේ සිත සන්සුන් වීමක් නොලැබ කාම ආශායෙන් තෙත්ව හිස අත බැඳ හඬමින් විහාරයට ගියෙමි.

“මා විසින් ඇදහියයුතු ඒ ධම්මදින්නා නම් භික්ෂුණිය වෙතට පැමිණියෙමි. ඕතොම ස්කන්ධායතන ධාතූන් ප්‍රකාශිත ධර්මය මට දේශනා කළාය.

“එම භික්ෂුණියගේ ධර්ම කථාව අසා එකත්පසෙක හුනිමි. පෙර ජාති දනිමි. දිවැස පිරිසිදු කරණ ලදී.

“පරසිත් දැනීමේ නුවණද, දිව කණද පිරිසිදු කරණ ලදී. මා විසින් පෙළහර පෑමේ නුවණ අත් දක්නා ලදී. මාගේ පව් ගෙවීයාම විය. විශේෂ දැනීම් සය අත් දක්නා ලදී. බුද්ධාවවාදය කරණ ලදී.”