පහත තිබෙන සුත්‍ර දෙසනවා මත click කර සුත්‍ර දෙසනව ශ්‍රවණය කරන්න.ඔබට තෙරුවන් සරණයි!!!
“මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජෙතවනාරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි (පෙර ගිජුලිහිණියන් නැසූ කුලයෙහි උපන් හෙයින්) ගද්ධබාධි පුබ්බයයි කියනු ලබන අරිට්ඨ නම් භික්ෂුවට මෙබඳුවූ ලාමකවූ වැරදි මතයක් උපන්නේ වෙයි (කෙබඳු මතයක්ද යත්) ‘භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ධර්ම කෙනෙක් ස්වර්ග මොක්ෂ දෙකට අන්තරායකරයයි වදාරණ ලද්දාහුද ඒ ධර්මයෝ සේවනය කරන්නාහට අන්තරාය පිණිස නොවෙත්. භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශනා කරන ලද ධර්මය මම මෙසේ දනිමි’යි (කියායි.)
මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඩු සිටුහු විසින් කරවනලද ජෙතවන නම් ආරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි භික්ෂූන්ට කථාකළහ. “ස්වාමීන් වහන්ස” ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඩු සිටුහු විසින් කරවනලද ජෙතවන නම් විහාරයෙහි වැඩ වාසය කරති. එකල්හි ජානුස්සොනි නම් බ්‍රහ්මණ තෙම වෙළඹුන් යෙදූ සියල්ල සුදුවූ රථයකින් මධ්‍යාහ්නයෙහි (මැදි දවල්) සැවැත් නුවර වීථින්හි ගමන් කරයි.
මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර, ජෙතවන නම් වූ අනේපිඩු සිටුහුගේ ආරාමයෙහි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ “ඇවැත්නි මහණෙනියි” භික්ෂූන්ට කථා කළහ. “ඇවැත්නි”යි ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්හ. ආයුෂ්මත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙසේ කීහ.
මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ දෙව්දත් තෙරුන් බැහැර ගිය නොබෝ කල්හි රජගහනුවර ගිජ්ජකූට පර්වතයෙහි වසනසේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ දෙව්දත් තෙරුන් අරබයා භික්ෂූන්ට කථා කළසේක.
මා විසින් මෙසේ අසන ලදි. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර, අනේපිඩු සිටුහු විසින් කරවන ලද ජෙතවනාරාමයෙහි වැඩ වෙසෙති, එකල්හි වනාහි පිංගලකොච්ඡ නම් බ්‍රාහ්මණතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එක්පැත්තක උන්නේය. එක පැත්තක උන්නාවූ පිංගලකොච්ඡ බුමුණු තෙම භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීය.