මහා යමක වර්ගය
පහත තිබෙන සුත්‍ර දෙසනවා මත click කර සුත්‍ර දෙසනව ශ්‍රවණය කරන්න.ඔබට තෙරුවන් සරණයි!!!
මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ නාදික නම් ගම (ගඩොලින්ම කළ හෙයින්) ‘ගිඤ්ජකාවසථ’ නම් වූ විහාරයෙහි වැඩ වාසය කරති. එකල්හි ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් නන්දිය ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන් වහන්සේද ‘ගොසිංග සාලවන’ නම් වූ ආරණ්‍යයෙහි වාසය කළහ.
මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ගොසිංග සාලවන නම් අරණ්‍යයෙහි සුප්‍රසිද්ධ සුප්‍රසිද්ධ බොහෝ ස්ථවිර ශ්‍රාවකයන් සමග,-එනම්:- ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්වහන්සේ, ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ, ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්වහන්සේ, ආයුෂ්මත් රෙවත ස්ථවිරයන් වහන්සේ, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ සහ මෙයින් අන්‍යවූද අතිශයින් ප්‍රසිද්ධව; ස්ථවිර ශ්රාවකයින් වහන්සේලා සමඟ-වැඩ වාසය කරති.
මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේ පිඩු සිටුහු විසින් කරවන ලද ජේතවන නම් විහාරයෙහි වැඩ වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි භික්ෂූන්ට කථා කළහ. “ස්වාමීන්වහන්ස”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ වජ්ජි ජනපදයෙහි උක්කවෙලා නම් නුවර සමීපයෙහි ගංගානම් ගංතෙර වැඩ වාසය කළහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි භික්ෂූන්ට කථා කළහ. “ස්වාමීන් වහන්ස”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විසාලාමහනුවර මහ වනයෙහිවූ කූටාගාර ශාලාවෙහි වැඩ වාසය කළහ. එකල්හි කථාවෙහි දක්ෂවූ, තමා පණ්ඩිතයෙකැයි කියන්නාවූ, බොහෝදෙනා විසින් උගතෙකැයි කියනු ලබන්නාවූ නිගණ්ඨපුත්‍රවූ සච්චක තෙමේ විසාලාමහනුවර වාසය කරයි. හෙතෙම විසාලාමහනුවර පිරිස්මැද මෙබඳු කථාවක් කියයි. “මා සමග වාදයට පැමිණෙන යම් කිසිවෙක් කම්පා නොවෙයිද, විශෙෂයෙන් කම්පා නොවෙයිද, නොවෙවුලා සිටියිද, යමෙකුගේ කිහිලි වලින් ඩහදිය නොපෙරෙයිද, එබඳුවූ ශිෂ්‍ය සමූහ නායකවූ, ගණ නායකවූ, ගණ ආචාරියවූ ශ්‍රමණයකු හෝ බ්‍රාහ්මණයකු හෝ ‘මම අර්හත් සම්‍යක්සම්බුද්ධය’යි කියාගන්නා කෙනෙකු හෝ නොදකිමි. ඉදින් මම හිත් පිත් නැති කණුවක් හා වාද කරන්නෙම් නම් ඒ කණුවද කම්පාවන්නේය, විශෙෂයෙන් කම්පාවන්නේය. වෙවුලා සිටින්නේය. මනුෂ්‍යවූවෙකු ගැන කියනුම කවරේද?” (කියාය.)
මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ විසාලා මහනුවර මහාවනයෙහි කූටාගාරශාලාවෙහි වැඩ වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි පා සිව්රු ගෙන විසාලාමහනුවරට පිඩුපිණිස වඩිනු කැමතිව මනාව හැඳ පෙරව වැඩ සිටියහ. එවිට සච්චක නිගණ්ඨ පුත්‍රතෙමේ පයින් සක්මන් කිරීම සඳහා ඇවිදින අතර මහාවනයෙහි කූටාගාර ශාලාව යම් තැනෙක්හිද එහි පැමිණියේය. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ එන්නාවූ සච්චක නිගණ්ඨපුත්රයා දුරදීම දුටහ. දැක භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, කථාවෙහි දක්ෂවූ තමා පණ්ඩිතයෙකැයි කියන්නාවූ, බොහෝ දෙනා විසින් සම්මාන කරණ ලද්දාවූ මේ සච්චක නිගණ්ඨ පුත්‍රතෙම එන්නේය. ස්වාමීනි, මෙතෙම වනාහි බුදුන්ගේ අගුණ කියනු කැමැත්තේය. ධර්මයෙහි අගුණ කියනු කැමැත්තේය. සංඝයාගේ අගුණ කියනු කැමැත්තේය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා උපදවා මොහොතක් වැඩහිඳිනු මැනවැ”යි කීහ. භාග්‍යවතුන් වහන්සේ පණවනලද අස්නෙහි වැඩහුන්හ.
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර පූර්වාරාම නම්වූ මිගාර මාතු ප්‍රාසාදයෙහි වාසයකරති. එකල්හි සක්දෙව් රජතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක පැත්තක උන්නේය. එක පැත්තක උන්නාවූ සක්දෙව් රජ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය. “ස්වාමීනි, භික්ෂුවක් කොතෙක් කරුණුවලින් නිවන් අරමුණුකොට කෙලෙස්වලින් මිදුණු ‘ඉපදීම් මැරීම් දෙක නිමකළ’ ඒකාන්තයෙන් කෙලෙස් බැමිවලින් මිදුණු නිත්‍ය බ්රහ්මචරියා ඇති, ඒකාන්ත කෙළවර ඇති දෙවි මිනිසුන්ට ශ්‍රෙෂ්ඨයෙක් වන ප්‍රතිපදාව කොටින් කුමක්දැයි ඇසීය.
මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ, අනේපිඩු මහ සිටුහු විසින් කරවන ලද ජෙතවන නම් ආරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි වනාහි කෙවට්ටපුත්‍ර වූ සාති නම් භික්ෂුවට මෙබඳු ලාමක වූ මිථ්‍යා දෘෂ්ටියක් උපන්නේ වෙයි. (එනම්) “මේ එකම විඥානය (භවයෙන් භවයට උත්පත්ති වසයෙන්) දුවයි, හැසිරෙයි අනිකක් නොවෙයි. භාග්‍යවතුන් වහන්සේ විසින් එසේ ධර්මය දෙශනා කරනලද බව මම දනිමියි” (කියායි.)
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ අඟු දනව් වැසියන්ගේ අස්සපුර නම් නියම්ගමෙහි වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි’යි කියා භික්ෂූන්ට කථා කළහ. “ස්වාමීනි” කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. ‘මහණෙනි, මහජනයා තොප ශ්‍රමණයෝය, ශ්‍රමණයෝය’ කියා හඳුනයි. තොපිදු ‘තෙපි කවරහුදැ’යි විචාරණ ලද්දාහු, ‘අපි ශ්‍රමණයෝ වෙමු’යි ප්‍රතිඥා කරන්නහුය. මහණෙනි, මෙසේ හඳුනනු ලබන්නාවූ, මෙසේ ප්‍රතිඥා කරන්නාවූ ඒ තොපගේ ශ්‍රමණ බව ඇතිකරන්නාවූද, බ්‍රාහ්මණ බව ඇතිකරන්නාවූද යම් ධර්ම කෙනෙක් වෙද්ද, ඒ ධර්මයන් සමාදන්ව පවතින්නෙමු නම් මෙසේ ඒ හැඳින්වීම සත්‍යවන්නේය. අපගේ ප්‍රතිඥාවද ඇත්තක් වන්නේය. අපි යම් කෙණෙකුන්ගේ සිව්රු, පිණ්ඩපාතය, සේනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකර වළඳමුද අප විෂයෙහි කරන්නාවූ ඔවුන්ගේ ඒ සත්කාරයෝ මහත් ඵල, මහත් අනුසස් වන්නාහ. අපගේද මේ මහණකම හිස් නොවූ, ඵල සහිතවූ, වැඩීම් සහිතවූ එකක් වන්නේය’යි මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය.
මා විසින් මෙසේ අසනලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ අඟු ජනපද වාසීන්ගේ අස්සපුර නම් නියම් ගමෙහි වැඩ වාසය කරති. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි භික්ෂූන්ට කථා කළහ. “ස්වාමීනි”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.