සළායතන වර්ගය

පහත තිබෙන සුත්‍ර දෙසනවා මත click කර සුත්‍ර දෙසනව ශ්‍රවණය කරන්න.ඔබට තෙරුවන් සරණයි!!!

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ ජේතවන නම්වූ අනේපිඩු මහසිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරණසේක. ඒ කාලයෙහි වනාහි අනාථපිණ්ඩික නම් ගෘහපති තෙමේ දැඩි ගිලන් වූයේ, හටගත් ආබාධ ඇත්තේ, දුකින් පෙළුනේවේ.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්දක නිවාප නම්වූ වෙළුවනාරාමයෙහි වැඩ වසනසේක, එකල්හි වනාහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් මහා චුන්ද ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන් වහන්සේද ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කෙරෙත්. එකල්හි වනාහි ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන් වහන්සේ හටගත් ආබාධ ඇත්තේ දුකින් පෙළුනේ දැඩි ගිලන්වූයේ වෙයි. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සවස් වේලෙහි පල සමවතින් නැගී සිටියේ, ආයුෂ්මත් මහා චුන්ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට එළඹියේය. එළඹ ආයුෂ්මත් මහා චුන්ද ස්ථවිරයන් වහන්සේට මෙය සැල කෙළේය. “ඇවැත්වූ චුන්දය, අපි ආයුෂ්මත් ඡන්න තෙම යම් තැනෙක්හිද එතැනට ඔහුගේ අසනීප විමසනු සඳහා යමුයයි” කීහ.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම්වූ අනේපිඩු මහසිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි ආයුෂ්මත්වූ පුණ්ණ ස්ථවිරතෙමේ සවස් වේලෙහි ඵලසමවතින් නැගීසිටියේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට එළඹියේය. එළඹ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූ ආයුෂ්මත් පුණ්ණ ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය.

මා විසින් මෙසේ අසනලදී එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි ජේතවන නම්වූ අනේපිඩු මහසිටුහුගේ ආරාමයෙහි වැඩවසනසේක. එකල්හි වනාහි මහා ප්‍රජාපතී ගෞතමී තොමෝ පන්සියයක් පමණවූ භික්ෂුණීන් සමග භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට එළඹියාය. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පස්ව සිටියාය. එකත් පස්ව සිටියාවූ මහා ප්‍රජාපතී ගෞතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළාය.

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු මහ සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරණසේක. එකල්හි ඵල සමාපත්තියෙන් නැගීසිටි භාග්‍යවතුන් වහන්සේහට මෙබඳු අදහසක් පහළවූසේක. ‘රාහුලගේ අර්හත්ඵල ඥානය මූකරවන්නාවූ ධර්මයෙහි මේරීමට පැමිණියාහුය. දැන් මම රාහුල මත්තෙහි ආශ්‍රවයන් ක්ෂය කරන්නාවූ ධර්මයන්හි හික්මවන්නෙම් නම් යහපති’ කියායි. එකල වනාහි භාග්‍යවතුන්වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්‍ර සිව්රු ගෙන සැවැත් නුවරට පිඬු පිණිස වැඩිසේක. සැවැත් නුවර පිඬු පිණිස හැසිර පසු බත් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළැක්කේ ආයුෂ්මත් රාහුලයන්ට ආමන්ත්‍රණයකළ සේක. ‘රාහුලය නිසීදනය (හිඳිනා අසුන) ගනුව අන්ධවනය යම් තැනෙක්හිද, දවල් කාලයෙහි විසීම පිණිස එහි යන්නෙමුයි” (වදාළේය) “ස්වාමීනි, එසේය කියා ආයුෂ්මත් රාහුල තෙමේ භාග්‍යවතුන්වහන්සේට උත්තරදී නිසීදනය රැගෙන භාග්‍යවතුන් වහන්සේගේ පිටිපසින් ගියේය.

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඩු මහසිටුහු විසින් කරවනලද ආරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ‘මහණෙනි’යි අඬගැසූ සේක. ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට ‘ස්වාමීනි’යි උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, තොපට මුල යහපත්වූද, මැද යහපත්වූද, අග යහපත්වූද, අර්ථ සහිතවූද, ව්‍යඤ්ජන සහිතවූද, ධර්මයක් දෙශනා කරමි. ප්‍රකාශ කරමි. එනම් සයේ ධර්ම සයක්ය. එය අසව්. මනාකොට මෙනෙහි කරව්, කියන්නෙමියි” වදාළේය. ඒ භික්ෂූහු “එසේය, ස්වාමීනි යයි” භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ ජෙතවන නම් අනේපිඬු මහ සිටුහුගේ ආරාමයෙහි වැඩවාසය කරණසේක. එකල්හි වනාහි භාග්‍යවතුන්වහන්සේ “මහණෙනි” කියා භික්ෂූන්ට ආමන්ත්‍රණය කළසේක. “ස්වාමීනි” ඒ භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන්වහන්සේ මෙසේ වදාළේය.

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහත්වූ භික්ෂුසංඝයා සමග කොසොල් දනව්වෙහි චාරිකාවෙහි හැසිරෙනු ලබන්නේ, නගරවින්දෙය්‍ය නම්වූ කොසොල්රට වැස්සන්ගේ බමුණු ගම යම් තැනෙක්හිද එහි වැඩමවූසේක. නගරවින්දෙය්‍යක නම් බ්‍රාහ්මණ ගෘහපතීහු වනාහි, ශාක්‍යපුත්‍රවූ ශාක්‍ය කුලයෙන් පැවිදිවූ ශ්‍රමණ භවත් ගෞතම තෙමේ මහත්වූ භික්ෂු සංඝයා සමග කොසොල් දනව්වෙහි චාරිකාවෙහි හැසිරෙනු ලබන්නේ නගරවින්දෙය්‍ය නම් බමුණු ගමට පැමිණියේය.

මා විසින් මෙසේ අසනලදී එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහිවූ කලන්දක නිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්වහන්සේ සවස් කාලයෙහි ඵලසමවතින් නැගී සිටියේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට එළැඹියේය. එළඹ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පස්ව හුන්නේය. එකත්පසෙක හුන්නාවූ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. ශාරීපුත්‍රය, තොපගේ ඉන්ද්‍රියයෝ විශෙෂයෙන් ප්‍රසන්නයහ. ඡවිවර්ණය පිරිසිදුය. ශාරීපුත්‍රය, ඔබ දැන් කවර විහරණයකින් බහුලව වසන්නෙහි දැයි ඇසූහ. “ස්වාමීනි, මම මේ කාලයෙහි බහුලකොට ශූන්‍යතා ඵලසමාපත්ති විහරණයෙන් වෙසෙමි” යි කීයේය.

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කජංගල නම් නියම්ගම සමීපයෙහිවූ මුවෙලු වෙනෙහි (මුඛෙලු නම් එක් වෘක්ෂ විශෙෂයෙකි. ඒ මුවෙලු රුකින් ගැවසීගත් මහ වනලැහැබෙක) වැඩවසන සේක. ඉක්බිති “පාරාසරිය” නම් බමුණාගේ අතවැසිවූ “උත්තර” නම් මානවකතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට එළඹියේය. එළඹ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතුවූ සිහි කටයුතුවූ කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේය. එකත්පස්ව උන්නාවූ පාරාසරිය බ්‍රාහ්මණයාගේ අතවැසිවූ උත්තර නම් මානවකයාට භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළසේක. “උත්තරය, පාරාසරිය බ්‍රාහ්මණ තෙමේ ශ්‍රාවකයන්ට ඉන්ද්‍රිය භාවනාව දෙශනා කෙරේදැයි’ ඇසූහ. “ගෞතමයන් වහන්ස, පාරාසරිය, බමුණු තෙමේ ශ්‍රාවකයන්ට ඉන්ද්‍රිය භාවනාව දෙශනා කෙරේයයි” (කීය.)