මෙම සත්ක්‍රියාව ක්‍රියාවට නංවන්න අප හට සිත් යොමු වූයේ ඇයිදැයි මුලින්ම කිය යුතු වෙනවා එනම් මීට ටික කලකට පෙර අප විසින් සූත්‍ර පිටකය අප ස්ථානයේ වැඩසිටින පොඩි ස්වාමීන් වහන්සේලාට කියාදීම පටන් ගත්තා නමුත් එය අප හට මහත් අපහසුවක් උනේ එම හිමිවරුන්ට පිටකයේ සමහරක් වචන නිසියාකාරව උච්චාරණය කිරීමට ඇති අපහසුව නිසාය. වචන ඉතා හොඳින් උච්චාරණය නොවුණහොත් එහි අර්ථය වැටහී නොයනවා ඇත.
ඉන් පසුව අප විසින් උන්වහන්සේලාට අසා සිටින සේ අප විසින් පිටකය කියවන ලදී. මෙසේ සතියක් පමණ කියවන විට අප හට තේරුම් ගියේ කියවන මාගේ ද අසන පොඩි ස්වාමීන් වහන්සේලාගේත් ශ්‍රද්ධාව සතිය වීර්ය ආදී ධර්ම වැඩෙන ආකාරය දුටු මා හට සිහි වූයේ ලොව සියලූ දෙනාම මෙම බුදුන් දේශනා කළ දේශනා අසනවා නම් කොතරම් ඉක්මනින් අප හට බුදුන් දැක ගත හැකිදැයි කියාය. කොහොමත් අප පිටකය කියවන එකේ මෙය පටිගත කරානම් හොඳ යැයි අපට සිතුන නිසා මෙම ක්‍රියාව අපට කළ හැකි වුණි. අප විසින් මුලින්ම කියැවීමට පටන් ගත්තේ බුද්ධ ජයන්ති පරිවර්තනය එම පරිවර්තන වල සමහරක් වචන අපට නුහුරුයි මෙම වචන තේරුම් කරදීමට මට ලොකු වෙහෙසක් ගැනීමට සිදු වූ හෙයින් ඉන් පසු අප සොයිසා පරිවර්තන කියවීමට ගත් අතර එහි වචන ඉතා සරල බසින් තිබුණු හෙයින් සොයිසා පරිවර්තන කියවීම පටන් ගත්තෙමි එහිදීද සමහර තැන්වල මුද්‍රණ දෝෂ ඇති තැන් හැකිතාක් බුද්ධ ජයන්ති පොත් බලා නිවැරදි ලෙස කියෙව්වෙමි. තවද මෙහි අඩුපාඩු තිබිය හැක.
අප මෙහිදී අරමුණු කරන ලද්දේ පාලි හා සිංහල භාෂාව කියවීම අපහසු පිරිසයි ලොව විවිධාකාර ශබ්දය සිත දූෂ්‍ය කර ගන්නවාට වඩා මෙම ධර්මය ශ්‍රවණය ඉතා වැඩදායි වන බව නොඅනුමානය. මෙහිදී සිහි කළ යුතු දෙයක් නම් මෙම පටිගත කිරීම් කරන අපගේ මෙවැනි දෘෂ්ටියක් නැත මෙම අපගේ පටිගත කිරීම නිවැරදිය ඉතිරි සියලු පොත්වල තිබෙන දේ වැරදිය කියා දෘෂ්ටියක් අපගේ නැත. මෙම පටිගත කිරීම් වල ද අඩුපාඩු තිබිය හැකිය නමුත් ධර්මය දැකීමට නම් මෙය ප්‍රමාණවත් ය.
යම් කෙනෙක් පිටකය ශ්‍රවණය කරනවා නම් වචන වල එල්ලෙන්නේ එපා. තමන්ගේ නුවණ මඟින් ධර්මය දැකීමට සුදුසුය. යමෙක් මෙහි අඩුපාඩු හොයන්න ශ්‍රවණය කරනවා නම් බොහෝ එවැනි තැන් තිබිය හැක. යමෙක් ධර්මය දැකීමේ චේතනාවෙන් යුක්තව ශ්‍රවණය කරනවා නම් ඔහු ධර්මය දකිනවා ඇත. මේ තුලින් අපව නොදකීත්වා ධර්මය දකීවා, ධර්මය දැක, බුදුන් දකිත්වා.
තෙරුවන් සරණයි!!!